Monday, May 31, 2010

පෞද්ගලික විශ්වවිද්‍යාල සහ නිදහස් අධ්‍යාපනය


පෞද්ගලිකවිශ්ව විද්‍යාල පිහිටුවීමට රජය සූදානම් වීමත්
සමඟමදේශපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බොහෝ
අවධානයක් මෙම තේමාවට ලැබී ඇත.මෙම මාතෘකාව
දේශපාලන කරලිය තුළ වසර 20කට වැඩි කාලයක් තුළ
වරින් වර මතු වෙමින් තිබුනි.එහෙත් මෙම ගැටළුවේ ප්‍රධාන
කොටස් කරුවන් බවට පත් වී තිබුනේ රජය හා අන්තරයයි.
මෙම දෙපාර්ශවයම තම න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට
( ඔවුන්ට සාපෙක්ශ්ව ) ආකර්ශනීය කරුණු ගෙන හැර පෑ
නමුත් ප්‍රශ්නයේ යතාර්ථය මඟ හැර ඇත.
මෙවර මෙම ප්‍රශ්නයට නව මුහුණුවරක් ලැබී ඇත.එනම්
අන්තරය තම සුපුරුදු සටන් පාඨය ගෙන හැරපාද්දී රජය
අළුත් තුරුම්පුවක් ඉදිරිපත් කිරීමය.ඒ උසස් අධ්‍යාපනය
සඳහා විදේශගත වන සිසුන් නිසා පිටරටට ඇදී යන අති
විශාල මුදල ඉතිරි කිරීම සහ පවතින Z ක්‍රමය නිසා රජයේ
විශ්ව විද්‍යාල වරම් අහිමිවන සිසුන්ට ලංකාව තුළම උසස්
අධ්‍යාපන වරම් ලබා දීමයි අපි මොහොතකට මෙම කරුණු
දෙක විමසා බලමු උසස් අධ්‍යාපනය නිසා පිටරටට ඇදී
යන මුදල කොපමණද?
වාර්ෂිකව රුපියල් බිලියන 17.5 කි දළ ජාතික
නිෂ්පාදනයෙන් 0.37% කි. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති
. කිරීමෙන් මෙම මුදල ඉතිරි කර ගැනීමට නොහැකි බව
මගේ මතයයි.අප පළමුව සොයා බැලිය යුත්තේ සිසුන්
උසස් අධ්‍යාපනයට විදෙශගත වීමට ඇති සැබෑ හේතුවයි.
ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය Z ක්‍රමය නිසා ලකුණු දශම
ගනණකින් ලංකාව තුළ සරසවි වරම් අහිමි වීමද? නැත
මොවුන්ගෙන් බොහෝ දෙනා සරසවි කඩඉමට ගව්
ගණනක් ඈතින් අතරමං වූවෝය.නැතහොත් (සිටිසන්ශිප්)
පුරවැසි භාවය ලබා ගැනීමේ පහසු මාර්ගයක් ලෙස ශිෂ්‍ය
භාවය දඩමීමා කරගන්නවුන්ය.කොටින්ම කියතොත්
ලාංකිකත්වයෙන් මිදී ජාත්‍යන්තර ප්‍රවාහයට එකතුවීමට සිහින
දකින්නෝය.මෙවන් අති මහත් බහුතරය නැවත්වීමට ලංකාව
තුළ පෞ.වි.වි පිහිටුවීම අතීසාරයටඅමුඩ ගැසීමක් වැනිය.
සැබැවින්ම ලංකාව තුළ උසස් අධ්‍යාපන සිහිනය අහිමි වීම
නිසා ගේ දොර විකුණාදමා හෝ දෙමාපියන්ගේ අර්ථසාධකයේ
පිහිටෙන් විදේශගත වන අතලොස්සක් වූ මධ්‍යම පාන්තික
සිසුන් අවතක්සේරු නොකිරීම මාගේ අරමුණ නොවන බව
අවධාරණය කළ යුතුය. මෙම නව තීරණයත් සමඟ වර්තමාන
නිදහස් අධ්‍යාපනයට සිදුවන අනර්ථය මොහොතකට විමසා
බලමු.රජයේ වි.වි වල පවතින යාවත්කාලීන නොවූ විශය
නිර්දේශ ගිරා කරණය කර එන ඊනියා දේශීය බුද්ධිමතුන්ට
තරඟ කිරීමට සිදුවන්නේ කාසමඟද? නවීනතම දැනුමෙන්
පොලිශ් හෝ පොෂ් වී උපාධිය මිලට ගෙන එන ජාත්‍යන්තර
උපාධිධාරීන් සමඟය එහෙත් අන්තරය පවසන ආකාරයට
මෙම තරඟය ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකද? නැත ඒ ඔවුන්
ලංකාවේ රැකියා පෝලිමට නොව යුරෝපීය හෝ බටහිර
රැකියා බලාපොරොත්තු වී සිටින බැවිනි.එහෙත් මෙම පාර්ශව
දෙක අතර තරඟයක් ලංකාව තුළ ඇති වුවහොත් "දේශීය.
බුද්ධිමතා" තරඟයෙන් විසි වනු නියතය .මීට වගකිව යුත්තේ
ප්‍රතිපත්ති සම්පාදකයින් නොව දේශීය වි.වි. වල උපාධි
අපේක්ෂකයින්මය
එයට හේතු අපි ඉදිරියේදී විමසා බලමු. තවත් වැදගත්
කරුණක්නම් පෞද්ගලික රෝහල් වලට එන රෝගීන්
කෙරෙහි පතල වූ මහා අනුකම්පාවෙන් යුතුව රජයේ
රෝහල් අතහැරයන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස
දැනට රජයේ වි.වි වල සේවය කරන කථිකාචාර්යවරුන්
නව පෞ.වි.වි වෙත ආකර්ශනයවීමයි.
මෙයින් ඇතිවන තත්වය ඇඟිල්ලෙන් ඇන කියාදීම
අවශ්‍ය නොවේ. පොදුවේ ගත් කළ මෙම ගැටළුවට විසඳුම්
ලබා දිය යුතු පාර්ශවයක් මම දකිමි.එනම් ලාංකික
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි.මම ඔවුන් අන්තරය ලෙස
නම් නොකරන්නේ පක්ෂ කේඩරය ශක්තිමත්
කිරීම සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු මුළු මනින්ම
වියුක්ත ක්‍රියාවලි දෙකක් බැවිනි.වර්තමාන වි.වි ශිෂ්‍යයා
විත්ති කූඩුවට නංවා ඇසිය යුතු පැනයක් වන්නේ ඔවුන්
"නොමිලේ" ලබා දී ඇති සම්පත් වලින් අවම හෝ
ප්‍රයෝජනයක්ගන්නේද යන්නයි.ප්‍රායෝගික පරීක්ෂණයකට
ක්‍රියාකාරීව සහභාගී නොවන ,පුස්තකාල පහසුකම කය
පිනවීමට භාවිතා කරන , ඇගයීම් සහ වාර්තා කොපි
කිරීමේ කෙල පැමිණි "දේශීය " බුද්ධිමතුන්ගෙන්
රටට සුගතියක් බලාපොරොත්ති වියහැකිද?
ඒ අනුව බලන කල පෞ.වි.වි බිහි වීම නිසා
ඇතිවන තරඟය තුළ දේශීය වි.වි. සිසුන් තුළ "සිරාවට"
අධ්‍යයන කටයුතු කිරීමට අභිප්‍රේරණයක්ඇති වීමේ
සුභවාදී හැඟීමක්ද ඇතිවේ.කපන්න බැරි අත
ඉඹින්නාක් මෙන් මේ සුභවාදී හැඟීම සුන් වී
යන දිනය එළඹෙන තුරු අපි ඒ තුළ ජීවත් වෙමු..

11 comments:

  1. එස්.බී.ට ඔය ඹ්නි wela thiyenne thamange amaathyansen salli hambakaranna method 1k hadaganna eya salli hamba karagani....api mehe hanawa....

    ReplyDelete
  2. හොඳ පැත්තට තියෙන හැම එකකටම එක හරිය ගානේ දැම්ම.මොකද විශිෂ්ටයි=>හොඳයි.ඕක ගැන මගේ හිතේ තියෙන අදහස ඕකට ගොඩක් සමානයි.පොඩි අසමපාතයකුත් නැතුවා නොවෙයි.
    මම ඕක ගැන කියන්නේ මෙහෙමයි.වැඩ තුනම ෆේල් උන එකාටත් මොනා හරි තියෙන්න එපා‍ය කරන්න.ඒක නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මගේ පෞද්ගලික තරහක් නැහැ.මොකද උනුත් මොනාහරි ඉගෙනගෙන රටට මොනා හරි කරනවනම් හොඳයි.
    ඒක එහෙම නම් ඔය අතරමැද හිරවෙන සෑහෙන ගොඩක් ඉන්නවා.කැම්පස් යන්න ලකුණු මදි. ප්‍රයිවට් කරන්න සල්ලි මදි.අන්න එතැනදී තමයි රජයේ කාර්යය තියෙන්නේ.ඒක්කෝ ඒ සෙට් එකට ආණ්ඩුවේ කැම්පස් එකක ඉඩ තියෙන්න ඕනි.නැතිනම් පුද්ගලික කැම්පස් එකක කෝටා එකක් තියෙන්න ඕනා.
    ඒ වගේම සල්ලි විතරක් තියෙන මොලේ කලඳක් නැති සෙට් එක (හැමෝම නෙවෙයි.)ප්‍රයිවට් කොරලා සමාජයේ ඉස්සරහ පොරවල් වෙනව නම් ඒක තමයි නිදහස් අධ්‍යාපනය ලබන අපි කරන ලොකුම වැරැද්ද.ඒකට කොරන ලොකුම අවනම්බුව. ඒක ගැන වග බලාගන්න එක අපේ වැඩක්.
    අනිත් කාරණේ අප්ටුඩේට් නැති සිලබස්. ඒක ගැන නම් ගොඩක් කියන්න දෙයක් නැහැ.මොකද අද හොයාගන්න දේ අනුව ඕනෙම සිලබස් එකක් මාසයක් යද්දි උනත් කල් පනින්න පුළුවන්. ඒක නිසා අප්ඩේට් වෙන එක අපේ වගකීම.
    අන්තිම එක ඉගෙනගෙන පිටරට යන එක.ඒක ගැන නම් ගොඩක් කියවන්න ඕන නැහැ. ඕනිම කෙනෙක් ලංකාවේ සල්ලි වලින් ඉගෙන ගෙන පිටරට සල්ලි හොයාගෙන පිටරට යනවනම් ඉගෙන ගත්තේ කොහේද කියලා නෑ.මම ඔහුට විරුද්ධයි.මොකද ඔය ප්‍රයිවට් කළා ය කියන ඕනිම කෙනෙක් ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබා ගත්තු අය බව හිතේ තියා ගන්න ඕනා.
    මම හිතන්නේ සෑහෙන කමෙන්ට් එකක් කොලා.පෝස්ට් එකක් වගේම දිගයි.කොහොම උනත් නියමයි සහෝ.දිගටම (ඉක්මනට )ලියන්න. බුදුසරණයි!

    ReplyDelete
  3. ඇත්ත කතා කරමුද? ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල බහුතරයක් එලියට එන උපාදි දරයන්ට පුද්ගලික අංශයේ ලොකු පිලිගැනීමක් නෑ(විශේෂයෙන් කලා උපාදි කාරයන්ට) මේ විශව විද්‍යාල වල ඉන්න *බහුතරය* නිදහස් අධ්‍යාපනයෙන් නිකන් ඉගනගෙන, විශව විද්‍යාල අධ්‍යාපනයත් නිකන් අරං අවස්තාව ලද විගස රට පනින හොර පැටව් ටිකක්. ඉතින් තමන්ට තියන තැන නැතිවෙනවට මේ අය කැමති නෑ පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිවෙනවට. ඕකයි ඇත්ත තත්වය.

    ReplyDelete
  4. මම දකින විදිහට ඕකෙ වාසි සහ අවාසි දෙකම තියනව.... අපි [ නැතිනම් රජය ] දැනගන්න ඕන අවාසි පැත්ත අඩු කරගෙන , වාසි පැත්ත [රටට ] වැඩි කර ගන්න.

    ReplyDelete
  5. රාජ්‍යය විශ්ව විද්‍යාල වල උපාධි ධාරීන්ට පිළිගැනීමක් නැහැ කියන්නේ බොහොම තද නින්දක ඉඳලා දනි පනියේ නැගිට ගත්තු කෙනෙක් විතරයි. විශේෂයෙන් කලා අංශයේ කියලා මට කලින් ලියපු මහතා අදහස් දක්වලා තියෙනවා.ඒ උනාට ඒ මහතා දැනගත යුතුයි කලා අංශයේ ඕනම උපාධියකට රැකියා ලැබීම මදක් අඩු බව.(කලා උපාධියක් ප්‍රයිවට් කරලා අරගෙන ලෝකේ උතුම්ම රස්සාව ;ගුරු වෘත්තිය කරන එක්කෙනෙක් හොයල දෙන්න කියලා මම එතුමාට අභියෝග කරනවා.මම කියන්නේ මොන්ටිසෝරි ගුරු පත්වීම් නෙවෙයි.ඕන්න මම ඒ මහතා කලා උපාධි ගැන කිව්ව දේත් හිතළුවක් කියලා පෙන්නුවා.)ප්‍රයිවට් ද නැද්ද කියල ප්‍රශ්නයක් නැහැ.ඔය කිව්ව තැන ගැන ප්‍රශ්නයට නම් මම ඒ මහතා සමග එකඟ වෙනවා.ඒක නම් ඕනම අංශයක තිබෙන ප්‍රශ්නයක්. තව එකක් ඒ මහතා "අවස්ථාව ලද විගස රට පනින"කියන්නේ මොන පදනමක සිටද කියලා දැනගන්න කැමතියි. මම කියන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධි ධරයන් රට යන එක හරි කියලා නෙවෙයි. මම කියන්නේ එහෙම යන අය සේරම වැරදියි කියලා. ඉතින් වැඩිපුර එහෙම යන්නේ ඔය ප්‍රයිවට් කරපු අය කියලා මම කිව්වොත් ඒ මහතා ට මා සමඟ එකඟ වෙන්න වෙනවා. හොඳම උදාහරණය ඉන්දියන්, චීන වෛද්‍ය උපාධි. ලංකාවේ ඒ උපාධි වලට වැඩි පිළිගැනීමක් නැති බව ඒ මහතා නොදැන ඉන්න හැටියක් නැත.ඉතින් ඒ උපාධිධාරීන් වැඩි දෙනෙක් නවතින්නේ චීනය වගේ රටවල බව කිව්වොත් ඒ මහතාට පුදුම වීමට දෙයකුත් නැත. මේ කමෙන්ට් එක නම් එක පසකට බරව ලියැවුනු එකක් බව දනිමි. ඒ උනත් මම සල්ලි ගෙවලා ඉගෙන ගන්න තියෙන නියෝ ලිබරල් අයිතිවාසිකම ගරහන කුහකයෙක් නොවෙන බව දැන ගන්න මම කලින් දාපු කමෙන්ට් එකත් කියවන්න. මම බනින්නේ කැම්පස් යන්න Z මදි ප්‍රයිවට් කරන්න සල්ලි මදි අය ගැන හිතලා බව මම කලින් එකේ කියලා තියෙනවා.ඔය ප්‍රයිවට් කරන අයට ලකුණු නැති උනත් සල්ලි තිබෙන කම ඒ අයට බාධාවක් නොවෙන තාක් කල්(මොකද මම හිතනවා පැය කීපෙක විභාගෙකින් අවු.13ක ඉගෙනීම මනින්න බැරි උනාට ,එතැනින් ගොඩ යාමේ ගෞරවය ඒ ගොඩ ගිය අයට තියෙන්න ඕනි.) ලං කාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල කෝටියක් දැම්මත්(සල්ලි තියෙන අය යන්න එන්න කරදර නිසා තම තමන්ගේ ගේ ගාවින් එක එක දා ගත්තත්.)මට නම් ප්‍රශ්නයක් නැහැ. අනික මම කලිනුත් කිව්ව.එයින් යම් බලපෑමක් එනවනම් තම තමන්ගේ රස්සා වලට ඒකට මුහුන දෙන්න බැරුව රාජ්‍ය උපාධිධරයින් අඬනවා නම් ඒක ලැජ්ජාවට කාරණයක්.

    ReplyDelete
  6. සමාවෙන්න අහනවට ,

    වසරකට රුපියල් මිලියන 17.5 ද පිටරටට යන්නේ ???

    ඒ කියන්නේ ලක්ෂ 175 යි ද???

    මම දන්න තරමින් ඕස්ට්‍රේලියා යන්න එක්කෙනෙක්ගෙන් ලක්ෂ 80 ක් විතර ගන්නව.

    එතකොට අවුරුද්දකටම දෙන්නද රට යන්නෙ ?????

    පොඩ්ඩක් පැහැදිලි කරනවද??

    සංඛ්‍යාලේඛණ ගත්තු තැනට අපිට යොමුවක් දෙනවද?
    මොකද මම දන්න තරමින් , මේක ඉතාම වැරදියි.

    ReplyDelete
  7. @ ජංජාල ස්තූතියි ඔබේ විමර්ශනශීලිත්වය අගයමි.
    http://www.island.lk/2008/03/21/news3.html

    ReplyDelete
  8. බොහෝ දේශීය උපාධිධාරීන් විදේශගත වීම විවේචනය හරි ජනප්‍රිය රැල්ලක්.අපි හිතන්න ඕන එකක් තමයි උපාධියක් ලැබුවත් ඔවුන් මේ සමාජයේම කුලකයක් ඒක නිසා ඔවුන් තමන් ගැන සිතා විදේශගත වෙනවා.හොඳයි ඔවුන් ලංකාවේ සිටියා කියා ඔවුන්ගෙන් ප්‍රාමාණික ප්‍රයෝජනයක් අපි ගන්නවද?
    උදාහරණයක් හැටියට ලංකාවේ ඉන්ජිනේරුවන් ගමු මොවුන් උපාධිය සමත් වූ පසු ලංකාවේදී නව සොයාගැනීම් වලට සම්බන්ධ වන්නේ කීයෙන් කී දෙනාද , ඉතින් රටක් තාක්ෂනික පැත්තෙන් ඉදිරියට යන්නේ කොහොමද? බොහෝ සමාගම් මොවුන්ව යොදා ගන්නේ නඩත්තු කටයුතු සඳහා.මේ තත්වය ගැන කලකිරෙන අපේ මැවිසුරුවන් විදේශගත වී මහත් සැප සම්පත් විඳිනවා ..ඒ විතරක් නෙවෙයි ඔවුන්ගෙන් "ලෝකයට" විශාල සේවයක් වෙනවා
    මේක අපි කවුරුත් හිතන්නේ නැති පැත්තක්.ඉතින් "විශව විද්‍යාල අධ්‍යාපනයත් නිකන් අරං අවස්තාව ලද විගස රට පනින හොර පැටව් ටිකක්" කිය්ල ඔවුන්ට බනින එක කොපමණ දුරට සාධාරණද?

    ReplyDelete
  9. අධික කාර්ය ලෙස කාර්යබහුල වුවද මෙය සම්භන්දව යමක් නොලියා යැමට සිත ඉඩ නොදුනි...

    අප සැමගේ ප්‍රර්ථ්නාව ලOකාව ලොකයේ නම කියවේන දියුණු රටක් කර ගැනීම යි. ඒ සදහා අපට පවතින එක අවස්තාවක් නම් අපගේ දියුනු මානව සම්පත (Human Resource) හා අද්යාපනයයි.

    අපට ලෝකයට දිය හැකි අදයපනය කුමක්ද? එහිදී අතීතයේ පැවති අභයගිරිය, මහා විහාරය වැනි ලොක ප්‍රසිද්ධ ආයතන මෙන් වර්තමානයට ගැලපෙන ඉOග්‍රිසි , පරිගනක දැනුම මුල්කරගත් බුදුදහමේ විවිද ස්Oකලිප (මහයාන, තෙරවාද) දැනුම මුල් තැනට එනවා..රජය හා පුදිගලික අOශය මිල් වි මෙවැනි අති නවීන බෞධ විශිව විධ්යලයක් ඇරඹීම මගින් ල්Oකාවේ චින්තන ව්ප්ලවයක් ඇති කල හැකි බව මාගේ විශ්වාශයයි..

    පුද්ගලික බ්ශ්ව විද්යලවලට මා පක්ශයි..අපගේ Education system එක මුලු ලොකයට ගැලපෙන prffesional ලා බිහිකරන තැනක් විය යුතුයි..එමගින් අපගේ දියුනු මාන්ව සම්පත ල්Oකාවට විදේශ විනිමය උපයන මාර්ගයක් කර ගත යුතුයි..වර්තනමාන්යේ house made ලා රටට කරන සේවය ඹාර ගත යුත්තේ මේ කියන Proffesional යි..මෙහිදි ල්Oකාව තුල proffesional ලට ඇති අවස්තාවන් හා වැටුප ඉහල දැමීමටද ප්‍රතිපත්ති සම්පාඅදනය විය යුතුයි..නැතිනම් පුර්නණ බුද්දි ගලනයක් සිදු වේනවා..

    i m writing this in very hurry and i think i conveyed my view sufficienly. Foreign education is a global business and in australia it is within their top five foreign earnings. In this context sri lanka should face the global challenge, if it is to be the wonder of Asia

    ReplyDelete
  10. @ ‍Mr යසේලෙ
    ඔබගේ අදහසට මගේ ආචාරය....
    ලෝකයේ සෑම රටකටම ලොවට දියහැකි තමන්ගේම කියා සංකල්පයක් හෝ තාක්ෂයණයක් තිබේ . ඉන්දියාවට සංගීතය නැටුම් මෙන් , නොර්වේ රාජ්ය්‍යට නාවුක තාක්ෂණය මෙන්, ලංකාවටද අපේ ම කියා දෙයක් තිබේ එනම් ඔබ පවසන ආකාරයට බෞද්ධ දර්ශණයයි. මෙය ලෝකයට දායාද කිරීමෙන් ලොව විශිෂ්ඨ දර්ශණයක් සහිත රාජ්‍යයක් ලෙස නැඟීසිතීමට අවස්ථාව ඇත.එහෙත් මේ යන ආකාරයට බටහිර විද්‍යාවන් මෙහි බින්න බස්සවා යන ගමන ජාතියක් ලෙස යාහැකි ඉතා අස්ථිර ගමනකි.

    ReplyDelete
  11. @ everyone(or anyone!!!):
    What about this? This is my reply to all of the things above!!!
    http://lekssammuthiworld.blogspot.com/2010/06/blog-post.html

    ReplyDelete

ඔබේ අදහස..

අනෙකුගේ නෙත් වලින් මඟ සොයා වෙහෙසිලා
ආ මඟද සොයා ගනු බැරිව වල්මත් වෙලා
යන මඟක් දත් අයෙක් වීද නොව මංමුලා
සබඳ අසනුව මැනැවි හදවතට ළං වෙලා

මූණු පොතෙන් එකතු කර ගන්න

Search

Pages