Saturday, June 5, 2010

"අ"යන්නෙන් "අයිෆා" "ඉ"යන්නෙන් "ඉන්දියා" "ඩ"යන්නෙන් "ඩයස්පෝරා"...... .........


කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත, මාර්ග වසා ඇත ඉන්දියානු නළු නිළියන්ට ඉන්දියානුවන් විසින්ම සම්මාන දෙන අයිෆාව මෙවර ලංකාවේදී පැවැත්වේ.වෙනදා පැය 24 ම බොලිවුඩ් ගැන කතා කරන FM ගිරා ගිරවියන්ට මේ දිනවල මඳ අස්වැසිල්ලක් ලැබී ඇත.ඒ මුළු අමාත්‍ය මන්ඩලයම ඔවුන්ගේ ලංකා ආගමනය ගැන කතා කිරීමයි.ඔවුන්ට ජාතික මට්ටමේ ප්‍රාඥයෝද එකතු වී සිට්ති.
වෙනදා අයිෆාවේ ඉදිරි පෙළ අසුන් පිරවූ ෂාරුක් ඛාන්, ඓශ්චර්යා
රායි වැනි බොලිවුඩයේ ජන්ප්‍රියත්වයේ කෙළ පැමිණි සිනමා තරු
කිහිපයක් හා අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම මෙවර අයිෆාවට
පැමිණ නැත.වෙන එකක් තබා අයිෆාහි සන්නාම තානාපති වන
ලොකු බී (අමිතාබ් බච්චන්) ද සම්මාන උළෙලට නොපැමිනෙන
බව දන්වා ඇත.
මේ මොහොත වන විට ලංකාව තුළ පවතින (හෝ මවා ඇති )
ඊනියා ජාතික ප්‍රශ්නය මෙම සුපිරිම තරුවල අයිෆා අනාගමනයයි.
පසුගිය අප්‍රේල් 20 වැනි දින ලංකාවට පැමිණ ලංකාවේ ඉපදීමට
වරම් නොලැබීම ගැන පසුතැවිලි වන ආකාරයේ කතාවක් කල
ලොකු බී එක් වරම තම පවුලම අයිෆාවට නො එනබව කියා
ඇත.2004 දී ලංකාවට පැමින සිය දිවියේ පළමු වරට සෙලොලොයිඩ්
තිරයෙන් පිට බෝම්බ ජවනිකාවකට පණ පෙවීමට වරම් ලද රජ
ඛාන්ද මෙවර ඉන්දියාවේ නැවතී ඇත්තේ එම ජවනිකාවට අපේ
කට්ටිය මුදල් නොගෙවූ නිසාද නොදනිමි.කෙසේ වෙතත් මොවුන්ගේ
සහභාගි නොවීමෙන් මෙම උළෙලෙහි පමණක් නොව ශ්‍රී ලංකාව
පිලිබඳ ජාත්‍යන්තරප්‍රතිරූපයෙහිද දීප්තිමත් සාධකයට බලපෑමක්
එල්ලවී ඇත.කෙසේ වෙතත් මොවුන්ගේ සහභාගි නොවීමෙන්
මෙම තත්වය උදා වීමට මූලික හේතුව ජාත්‍යන්තර දෙමළ
ඩයස්පෝරාවේ මෙහෙයවීම මත සහ අන්තවාදී දෙමළ
බෙදුම්වාදීන් විසින් ඉන්දියාව පුරා සිදුකරන උද්ඝෝෂණ බව
සක්සුදක් සේ පැහැදිලිය.සිනමා ලොවේ ධවල වීරයන් මෙම
බලපෑම් වලට බියවී ඉන්දියාවේ වකුටු වී සිටින්නේ ඇයිදැයි
යමෙක් ප්‍රශ්න කරනු ඇත.එහෙත් අප අමතක නොකළ යුතු එක්
දෙයක් නම් ඉන්දීය සිනමා කරුවන්ගේ පදනම පවතින්නේ ඉන්දීය
(හින්දු,මුස්ලිම් හෝ ද්‍රවිඩ....) ජනතාවගේ කැමැත්ත මත යන්නය.
ලංකාවට පැමිණ නටා ගයා ක්‍රිකට් තරඟයක්ද සෙල්ලම් කර ජනපති
මැදුරටද ගොස් කා බී සමූහ ඡායාරූප පුරවා ඉන්දියාවට ගියපසු
මිලියන 60ක් වූතමිල්නාඩු ද්‍රවිඩ ජනතාව ඔවුන්ගේ සිනමා නිශ්පාදන
ප්‍රතිෂේප කළහොත් ඔවුනට කල කල දසාව කුමක්ද?
වසරකට හින්දි සිනමාපට බැලීමට සතයක්වත් වියදම් නොකරන
( බහුතර ) අපෙන් ඔවුන්ට එම පාඩුව පියවාගතගැකිද? එසේ නම්
ඔවුන් විසින් අයිෆාව මඟ හැරීමට ගත් තීරණය සධාරණය.
ශ්‍රී ලාංකිකයන් ලෙස මින් මතුවන පණිවුඩය අපනිවැරදිව අවබෝධ
කරගත යුතුය.එනම් ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවට
එරෙහිව දියත් කර ඇති ආක්‍රමනශීලී මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක වන
බවය.ඔවුන්ගේ සන්නද්ධ කණ්ඩායම් මර්ධනයත් සමඟම මෙම බලපෑම
පිළිබඳ බොහෝ දෙනාට අමතක විය.
යුධ නිමාවෙන් වසරකට පසු එම ජාත්‍යන්තර බලපෑම තීව්‍ර වී ඇත.මානව
හිමිකම් පිළිබඳ චෝදනා මෙන්ම ෆිලිප් ඇල්ස්ටන් හා නවනීදන් පිල්ලේලා
ගේ අපක්ෂපාතී කොමිසම් සිහිනයද මෙම බෙදුම්වාදී නාඩගමට
අත්වැල සපයමින් සිටියි.
ලංකාව තුළ ජාතිකත්වය නිසා යම් ප්‍රතිලාබයක් ලබන යම් පිරිසක් ඇත්නම්
ඒ ද්‍රවිඩ ජනතාවයි.උතුරේ ක්‍රියාත්මක වන තේසවලමේ නීතියෙන් ලංකාවේ
ද්‍රවිඩ නොවන ජාතීන්ගෙ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇත.
මීට අමතරව පනහට පනහේ සිට ස්වයං පාලනය දක්වා ලෙඩක් නැතිව ගිල්ල
ඊනියා ද්‍රවිඩ ,බටහිර වෙදුන්ගේ බෙහෙත් ගුලි නිසා ලංකාවට සෑදුනු ජාතික
අජීරණය තවමත් විටින් විට වේදනාදෙමින් පවතී.
අද ලංකාව ගැන ලියවෙන කවර විදේශ (බොහෝ විට බටහිර ) ලිපි හෝ පුවත්
වල කියැවෙන්නේ සිංහලදෙමළ අර්බුදයක් රට තුළ තිබෙන බවටත් එය විසඳීමට
ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවටත්ය. කොළඹ රාජකීය විද්‍යාලයේ සංවත්සරය
ගැන පලවූ බීබීසී වාර්තාවක විශේෂයෙන් සඳගන්වූයේ එහි ද්‍රවිඩ ජාතික සිසුන්
ඉගෙනුම ලබන බවටය.සිංහලයන් හා ද්‍රවිඩයන් එකට අධ්‍යාපනය ලැබීම ඔවුනට මැජික්ය.
මෙම කරුණ ගෙන හැර පාන ආකාරයට මහ ජාතිය කළු පාර්ශවයත් සුළු ජාතිය සුදු
පාර්ශවයත් යන හැඟීම කියවන්නාගේ මනසට එන්නත් වේ.ඉස්ලාම් සිසුවියන්ගේ
පර්දාවට තහන්චි දැමූ බටහිරයන් ලංකාවේ
නැති ප්‍රශ්නයක අවුලවා බොර දියේමාළු බෑමට උත්සාහදරයි.
සංරක්ශනාරෝපයෝගීව මෙම ඊනියා ගැටළුව හමුවේ හැසිරෙන ඉන්දියන් සාධකයද
අපට අමතක කළ නොහැක.එදා 1947 දී අගමැති ධූරයෙන් මොහොමඩ් අලිජින්නා
පිදුවානම් ලොකු ඛාන්ට "චලෙ චයියා චයියා" කියමින් බිං ගෙවල් අස්සේ නටන්නට
ඉඩ නොලැබෙන්නට තිබිණි.මෙවැනි අභ්‍යන්තර ප්‍රශ්න විසදීමෙහි කුප්‍රකට ඉන්දියාව
සමඟ කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය.ඒ එදා ඔවුන් අද ඩයස්පෝරාවේ
වයන පදයටම නැටූ බැවිනි. ඉන්දියාවට ලංකාව සමඟ ඇති ප්‍රතිපත්තිය
"රෙකන්සිලේෂන්-හෝ-ඉන්ටර්ග්‍රිටිය",, ඉන්දියාවට "වන්දේමාතරම්..." ය.
ඊනියා ජාතික ප්‍රශ්නය විසඳීම කෙසේ වෙතත් වසර ගනණාවක් තිස්සේ අනවශ්‍ය බලපෑම්
නිසා විපරීත වූ රටක් නැවත් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පරිදි ගොඩනැංවීමට සිදුවී ඇත.මෙහිදී
ජාත්‍යන්තර සහයෝගය මනාලෙස කළමනාකරණය කරෆත යුතුය.ඒ ඔවුන්ගේ කරේ
නැගීමට යාමෙන් හෝ පාවඩ එලීමෙන් නොව කෙළින් ජාතික මතය නොසැලෙන ලෙ
ඉදිරිපත් කිරීමෙනි.

8 comments:

  1. තේසවලමෛ ගැන ඔබේ සදහන වැරදියි.විශේෂිත නීති වර්ග 3ක් ලංකාවේ තියනව.උඩරට නීතිය මුස්ලිම් නීතිය සහ තේසවලමෛ නීතිය.තේසවලමෛ නිසා වෙනත් ජාතින්ට වෙලා තියනව කියල කියන "මහා" අසාධාරනය මොකක්ද?කරුනාකරල පැහැදිලි කරන්න.
    තේසවලමෛ කියන්නෙ යාපන පලාගේ චාරිත්‍රමය නීති එකතුවක්.සුද්ද එන කාලෙ උඩරට යාපනේ මෙහෙම වෙනම චාරිත්‍රමය නීති තිබ්බ හින්ද ඒව එක පාරට නැතිකරල දාන්න බැරි වුනා.මේ හින්ද කලේ සීමාවන් ඇතුලෙ ඒවට පවතින්න ඉඩ හැරීම.මේ හැම විශේෂ නිතියක්ම සීමාසහිතවයි ක්‍රියාත්මක වෙන්නෙ.තේසවලමෙ එකෙන් අමුතුවෙන් අනිත් අයට වන මහා පාඩුවක් නැහැ.මේක කරුනු නොදැන කරන වැරදි ප්‍රකාශයක්.
    "පාඩුවක්" කියල තරක කරන්න පුලුවන් එකම එක දෙයක් ඕනි නම් තේසවලමෛ තුල තියනව.ඒ තමයි පූර්වක්ත්‍රය.ඒ කියන්නෙ යාපන පලාතේ තේසවලමෛ නීතියට යටත් වෙන කෙනෙක් ඉඩමක් විකුනද්දි ඒකෙ පලවෙනි ඔෆර් එක බදු හිමියාට හෝ අසල්වාසියාට ( මගේ මතකය හැටියට ) ලබාදෙන්න බැදිල ඉන්නව.ඒ අයට ඒක අවශ්‍ය නැත්නම් වෙන කාට හරි විකුනනන්න පුලුවන්.සිංහල අයට යාපනේ ඉඩම් ගන්න බැහැ කියන එක අමු බොරුවක්

    ReplyDelete
  2. මම කතා කරෙත් ඔබ කියන ඔය ඔෆර් එක ගැන තමයි.මෙම නීතියේ අරමුණ නැති පදනමක් යමි වාර්ගික කණ්ඩායමක් කෙරෙහි ඇති කිරීම.(මලබාර වහල් නීතියක්) දැන් ලංකාවේ නීතිය අනුව මෙය යාපනේ ද්‍රවිඩ පුද්ගලයන්ට වලංගු වන පෞද්ගලික නීතියක්.මේක නිකන් ලංකාවේ ඥාතීන් අතර විවාහය වගේ අවසාන අරමුණ තම වර්ගයා සමූහ වශයෙන් එකතුකර තබා ගැනීම.යාපනෙන් පිට සිටින ද්‍රවිඩයන්ටත් වර්තමාන තත්වය වනවිට මෙය වලංගුයි කියා ඔබ දන්නේ නැතුව ඇති.මේ වගේ නීතියක් සින්හලය අතර තිබුනානන් හෝ ඇති කරානන් අපේ බොහොමයක් "මානව හිතවාදීන්ගේ" පපු කැවුතු උණු වෙන්න තිබුනා.මේක තේ කෝප්පේ කිඹුල්ලු දකිනවිදියේ කතාවක් කියා කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්.ඒත් අපි මේවායේ ගැඹුර සොයා බැලිය යුතුති

    ReplyDelete
  3. මේක දැනුයි කියෙව්වේ. පොඩ්ඩක් ඉන්න හොඳ පිළිතුරක් දෙන්නම්.එසේ පිළිතුරක් දීමට වටින ලිපියක්.......

    ReplyDelete
  4. ඒ ඔෆර් එකේ තියන භයානක තර්ජනය මොකක්ද?අල්ලපු ඉඩමෙ මිනිහ ඉඩම ගන්න කැමති නැත්තං ඒක ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන් සිංහලයන් ඇතුලුව.එහෙම ඕනෙ තරම් ගත්ත ඉඩම් උතුරෙ තියනව.
    යාපනෙන් පිට දෙමල අයට තේසවලමෛ බලපාන්නෙ නැහැ මහත්මයා.තේසවලමෛ බලපාන්න ඒ මනුස්සයා යාපන ප්‍රදේශයේ නිත්‍ය වාසයක් තියෙන කෙනෙක් ( යාපන වාසිකයෙක් )වෙන්න ඕනෙ.
    අවශ්‍ය නම් හොයාගෙන කියවන්න - වේලුපිල්ලෙ එ සිවකාම්පිල්ලේ නඩුව
    ( යාපනේ ස්ථිර වාසය තියන තාවකාලික හේතු උඩ ඉන් පිට ඉන්න අයට තේසවලමෛ බලපානව.ඒත කොළම ස්තිර වාසයක් තියන ද්‍රවිඩයෙක්ට ඒක බලපාන්නෙ නැහැ.)
    තේසවලමෛ ගැන හරි මොකක් හරි එකක් ගැන කතාකරන්න ඉස්සෙල්ලා ඒක ගැන කියවලා ආවනම් තමයි හොද.
    මේ ගැන නීතිය කරන පලමු වසරේ ශිෂයෙක්ගෙන් ඇහුවනම් කියල දෙයි ඕකෙ කතාව

    ReplyDelete
  5. මේක ගෝත්‍රික වාදී නීතියක් කියලයි මට හිතෙන්නේ ඔබ කියනව වගේ ඔය අනවශ්‍ය ප්‍රමුඛතාවය දෙන්නේ මොකටද?එම ප්‍රමුඛතාව තුළම තියනවානේද අනවශ්‍ය ආක්‍රමනශීලීත්වයක්. ලංකාවේ අනෙත් ප්‍රදේශ වල සිදුවන දේපළ ගනුදෙනු වලදී මේ ආකාරයේ නීතියක් බලපැවැත්වෙනවද? යාපනයට විතරක් කියල කියනවනම් 1988 සිවඥාණලිංගම් එදිරිව සුන්දරලිංගම් නඩුව ඔබට පිළිතුරක් වෙයි කියා හිතනවා..වෙනත් ප්‍රාදේශීය නීති ඉවත් කරා වගේ මේ නීතියට අත තබා නැත්තේ ඇයි?.තවත් කරුණක් මම මේක නීති ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවානම් මට ලැබෙන්නේ ඔබේ පිළිතුරම තමයි මොකද ඔබ හිතන රටාවටම තමයි ඔවුනුත් ( බහුතරය ) හිතන්නෙ...

    ReplyDelete
  6. I deleted the comment several times;I hope you will understand the reason....
    "පූර්ණත් එක්ක වාදයට පැටළුණු මහත්මයා ඒ ඔෆර් එකේ භයානක කම මොකක්දැයි අසනවා.මුලින්ම ඒ මහතා ඒක කියන පදනම පැහැදිළි කළ යුතුය. මොකද රටේ ඕනම තැනක ඕනිම දෙයක් කරන්න පුළුවන් රටක් නිදහස් නිවහල් රටක් විදියට අපි පාරම්බානවා නම් ඒ ප්‍රකාශයට මේ ඔෆර් එක සංගත නැහැ කියන එක තමා මගේ පදනම යටතේ දැනෙන්නේ.(මම මේ පදනමක් ගැන කතා කරන්නේ තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියලා ප්‍රකාශයක් මම කොහේදී හරි අහලා තියෙන නිසා.මතක තියාගන්න ඕනි දේ තමා තමන්ට මොන දේයක් හරි හරි වැරදි කියලා පේන්නේ තමන් ඉන්න පදනමේ ඉන්න හැටියට.)ඒ මහතා මුලින්ම කියන දේ තමා ඒ නීති එකවිට අස් කරන්න බැරිඋනා කියන එක. ඒක ගැන නම් විවාදයක් නැහැ.මොකද ඒක ඒ වෙලාවේ අස් කරන්න බැරි උනා කියන එක මගින් නීතියේ වලංගු තාව පෙන්වන්නේ නැහැ.තේසවලාම නීතිය මගින් වන මහා අසාධාරණය මොකක්දැයි ඒ මහතා අසනවා. එයින් "මහා" අසාධාරණයක් නම් නැහැ. ඒ උනාට මේ නිතිය බලපවත්වන විට වටපිටින් අහන්නේ නැතිව ඉඩම විකුනන්න බැරිනම් එය එම ඉඩම් එම ජන කොට්ඨාශය අත පවත්වා ගැනීමේ පරමාර්ථය මත ඇති කරගත්තක් බව කියන්නත් ඕනිද? එමගින් එම කොටසට අමතර බලයක් ලැබෙන බව කියන්න ඕනි.(මම කතාකරන්න අකමැතිම මාතෘකාවක්! ඒ උනාට කමක් නැහැ.)අනික කොටි බලපෑම යටතේ මුස්ලිම් මෙන්ම ද්‍රවිඩ ජාතීන්ද කොළඹ පදිංචි වෙද්දී ඔහොම නීතියක් තිබුණනම් (අපේ මිනිස්සුන්ගෙත් ලේ රත් වෙලා තිබුණු නිසා) සිදුවෙන්න තිබුණු විනාශය හිතා බලන්න. හොඳට හිතාබලන්න! මේක ජාතිවාදී පදනමක සිට කරන ප්‍රකාශයක් නොවන බව පේන්න ඕනි. අනික ඒ මහතා එක වසරටවත් ගිහින් තිබෙනවානම් එක වසරේ තේසවලාම නීතිය ගැන පාඩමක් නැති බව දැනගන්න ඕනි. කිසිම තරහකින් නම් නොවෙයි!අනික මට තේරෙන්නේ ඒ මහතා ලිපියේ අන්තර්ගතයෙන් සම්පූර්ණයෙන්ම කතාව වෙනතක
    හරවා ඇති බව පේනවා. ඒක නිසා මම ආයෙත් කතාවට බහින්නම්.

    මිනිසා තමන් සිටින පදනමෙන් කිසිවිටකත් ඈත් නොවන බව මුල් ඡේදයෙන් තහවුරු වෙනවා. බිග් බී හරි රජ ඛාන් හරි කවුරුහරි තමන් ඉන්න පදනමෙන් ඒ කියන්නේ (සිනමාව නම් ප්‍රේක්ෂකයා.)ගෙන් ඈත් වන්නේ නැහැ. පූර්ණ කියා ඇති කතාව සමඟ එකඟයි.දෙවන ඡේදයෙන් කියවෙන්නේ ඒ පදනමෙන් නැගුනු ඝෝෂාව කෘතිමව හැදූ එකක් බව. තවද එම ඝෝෂාව නැගීම දැන හෝ නොදැන කළ අය ගැනද දක්වා තිබෙනවා.යළිත් එකඟයි.මෙහිදී ඉන්දියානු සාධකය ගැන තරමක් කතා කළ යුතුයි. අවිවාදිත කරුණ තමා ඉන්දියාව තමා ලංකාවේ ඒකීය (කවුරු හරි එක්සත් කියලා කියන්නත් පුළුවන්.හිහ්!) භාවය රකින හෝ විනාශ කරන (හොඳින්ම කිව්වොත් රැකිය හැකි හෝ විනාශ කළ හැකි )සාධකය වන්නේ.ඇමරිකාව වත් එංගලන්තය වත් නොවෙයි.ඉතින් ඉන්දියාව තමන්ගේ රට ගැන එක පිළිවෙලක් ද ලංකාව ගැන තරමක් වෙනස් පිළිවෙලක් ද අනුගමනය කර ඇති බව පැහැදිළියි.පූර්ණ කියා ඇති පරිදි ම තමන්ගේ රට තුළ වන්දේ මාතරම් මතුරමින් අපට මහ අමුතු සාමයක් ගැන කාලයක් කියාදුන් බව මතක තියාගන්න ඕනි.අනික ඒ බලපෑම් කවදාවත් බටහිර මහ බලවතුන් ගේ මෙන් ලැජ්ජාවක් නැති බලපෑම් ද නොවුනු බව කියන්න ඕනි.එය සැමවිටම තමන් ගේ ගෞරවය රකින්නක් මෙන්ම තමන්ගේ ජාතික අභිලාශයන් මතද පදනම් වූ බව කියන්න ඕනි. හොඳම උදාහරණය සුබ්‍රමනියම් සාමි. ඒ මනුස්සයා අද ලංකාවේ ඡන්දය උනත් විවරනය කරන්නේ ඉන්දීය පදනමක් මත හිඳ. ඒ මිනිසා මුලින් උග්‍ර LTTE හිත වාදියෙක්.මොකද එ විට ලංකාව ඉන්දීය අභිලාශයන්ට බාධාවක්. ඊට පස්සේ තමා කොටින් රජීව් ගාන්ධි මරන්නේ. එවිට කොටින් ඉන්දීය අභිලාශයට බාධාවක්.එතැන් පටන් මනුස්සයා කොටින් ගේ පරම විරෝධියෙකි.ඉතින් කොහොම උනත් අපේ අයට ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා ඒ අයගෙන්.අනික මේ ඉන්දීය මොඩලයේ බලය බෙදීමක් කියා දෙයක් ගැන කියවනවා. ඒක ඉන්දීය මොඩලයක් නම් එයම තමා එය අප රටට ආදේශ කර නොගැනීමට හේතුව විය යුත්තේ.මන්ද යත් වෙන සන්දර්භයක් තුළ හරියන දේයක් ඉන් වෙනස් පරිසරයක හරියන්නේ නැහැ වගේ.ඒක හරියට නිවුටන්ගේ සාපේක්ෂතාව අයින්ස්ටයින්ගේ තියරි ඔප්පුකරන්න යොදා ගන්නවා වගේ.

    ReplyDelete
  7. @ පූර්න

    සිවඥානලිංගම් නඩුවෙදි මොකක්ද කිව්වෙ කියල කිව්ව නං හොදයි.
    නඩුවෙදි අදාල පුද්ගලයා යාපන වාසිකයෙක් නෙමෙයි කියල ඔප්පු කරන්න බැරි නිසා එයාට තේසවලමෛ අදාල බව තීරනය කලා.තේසවලමෛ අදාල වුනේ ඇයි?එයා යාපන "වාසිකයෙක්" නිසා.වාසිකයා කියන්නෙ යාපනය සමග ස්ථිර සම්බන්ධකම්තියන යාපනයේ නිත්‍ය ස්වරූපයක් තියෙන ස්ථිර වාසයක් ඇති තැනැත්තා.
    යාපනය සමග සම්බන්ධකම් බිදගත්ත යාපනෙන් පිට ද්‍රවිඩයෙක්ට තේසවලමෛ අදාල වෙන්නෙ නැහැ.
    ස්පෙන්සර් එ රාජරත්නම් සෝමසුන්දරම් එ සරවනමුත්තු ප්‍රොක්ටර් එ ප්‍රනාන්දු මේ හැම එකේදිම යාපනය ස්ථිර වාසයක් නැති නිසා ඒ දෙමල අයට තේසවලමෛ අදාල වෙන්න නැහැ කියල තීරනය කලා.

    පූර්වක්ත්‍ර අයිතිය ගැන නිතිය එක්තරා දුරකට ගෝත්‍රවාදී බවත් එය ඉවත් විය යුතු එකක් බවත් මම පිලිගන්නව.ඒත් ඒකෙන් "මහා" ප්‍රශ්නයක් උද්ගත වෙන බවක් කියන්න බැහැ.
    ඒ වගේම ඒ එක කරුනෙන් තේසවලමෛ නීතිය කියන මුලු පද්ධතියම අනෙත් ජාතින්ගේ අයිතින්වලට බරපතල තර්ජනයක් කියල කියන එක සම්පූර්නයෙන් වැරදියි.නීතිය නොදන්න අයෙක්ට එක පාරට හිතෙන්නෙ තේසවලමෛ එකෙන් මාර දේවල් ගොඩක් දෙමල අයට තියනව කියල.ඔබත් ඒ වැරදි අදහසේ ඉන්නව කියල පේනව.ඒත එහෙම එකක් නැහැ.ඒකෙන් වෙන්නෙ ඒ අයගෙ දේපල අනුප්‍රාප්තිය වගේ දේවල් ඒ අයගෙ චාරිත්‍ර අනුව කෙරෙන හැටි ගැන නියමයන් කිරීම.පූර්වක්ත්‍රය කියන්නෙ මුලු තේසවලමෛ නීතියේ ඉතාම පුංචි අංශුවක්.ඒ අංශුව උඩ පදනම් වෙලා මුලු නීතියම මාර අයිතින් උල්ලංඝනය වීමක් කීම වැරදියි.
    අනික තේසවලමෛ කියන්නෙ ලංකාවෙ තියන එකම පුද්ගල නීතිය නෙමෙයි.මුස්ලිම් අයටත් උඩරට අයටත් වෙනම නීති එක්තරා දුරකට පිලිගැනිල තියනව.උඩරට දේපල අනුප්‍රාප්තිය ඒ අයගේ චාරිත්‍ර අනුව බෙදිල යන විදිහට වෙනම නීතියක් තියනව.
    යමක් ගැන කියන්න ඔබ දරන උත්සාහය මම අගය කරමි.නමුත් ඒ පිලිබදනිසි හැදැරිමක් රහිතව එය කිරීම එතරම් සුදුසු නොවේ

    ReplyDelete
  8. වෙනම සිවිල් නීතියක යාපනේ ද්‍රවිඩ ජාතිකයිට තිබීම තුළ ඔවුන් වෙනම ජන කොටසක් ලෙස නීතිය මඟින් පිළිගන්නේ නැද්ද? මුස්ලිම් හා උඩරැටියන්ටත් එසේමයි නමුත් තමන් වෙනම ආගන්තුක ජන කොටසක්ය කියන පදනමකට මෙවැනි න්‍යිතික තත්වයන් පිටුවහල් වන බව මගේ අදහසයි.ඒ හරහා විශේෂීකරණයකට ඔවුන් ලක් වෙනවා.මෙම නීති වල මූල වන්නේ බාහිර බලපෑම් මඟින් තම වර්ගයා ආරක්ෂා කරගැනීමේ අරමුණයි.අපි එකම රටක් ගැන කතා කරන තත්වයක් තුළ මෙවැනි නීති පැවතීම ජාතික ඒකීයත්වයට එතරම් හොඳනැති බවයි මගේ හැඟීම.මෙතන උඩරට නීතිය හා මුස්ලිම් නීතිද සංශෝධනය විය යුතු බවයි මගේ මතය නමුත් අවුලන ලද ප්‍රශ්නයක් නිසා තෙසවලමේ නීතියට ප්‍රමුඛත්වයක් දිය යුතුව තියෙනවා.

    ReplyDelete

ඔබේ අදහස..

අනෙකුගේ නෙත් වලින් මඟ සොයා වෙහෙසිලා
ආ මඟද සොයා ගනු බැරිව වල්මත් වෙලා
යන මඟක් දත් අයෙක් වීද නොව මංමුලා
සබඳ අසනුව මැනැවි හදවතට ළං වෙලා

මූණු පොතෙන් එකතු කර ගන්න

Search

Pages